ෆිල් සිමන්ස් ස්වයං නිරෝධායනයට

2020-06-28 at 06:58

එංගලන්ත සංචාරයකට එක්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඔල්ඞ් ට්‍රෆර්ඞ් හි හෝටලයක ඔහු රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සංචාරයේ පුහුණූවීම් අතර තුර අවමංගල්‍ය උත්සවකට සිමන්ස් සහභාගී වීම හේතුවෙනුයි ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වී ඇත්තේ.

කොදව් පිල සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාව ලබන මස 8 වනදා ආරම්භ වීමට නියමිතයි.