IPL කණ්ඩායම්වලට සීමා

2020-08-03 at 10:06

මෙවර අයි පී එල් තරඟමාලාවේදී එක් කණ්ඩායමක ක්‍රීඩකයින් සංඛ්‍යාව 24 දෙනෙකුට සීමා කර තිබෙනවා.

කොරෝනා වෛරසය වැළඳෙන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයින් කැමති ප්‍රමාණයක් කණ්ඩායමට කැඳවීමට අවසර දෙන බවයි සංවිධායකයින් පවසන්නේ.

මෙවර අයි පී එල් තරඟමාලාව ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා තෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඉන්දීය රජයේ අනුමැතිය නිල වශයෙන් ලබා ගැනීමට සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසුවනවා.