IPL නරඹන්නන්ට ක්‍රීඩාංගන විවෘත වන ලකුණූ

2020-08-01 at 17:02

මෙවර අයි පී එල් තරඟමාලාවේදී ක්‍රීඩාංගන වෙත නරඹන්නන් සීමිත පිරිසක් කැඳවීමට එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා.

රජයේ අනුමැතිය යටතේ එම අවස්ථාව ලබා දීමට නියමිතයි.

එහිදී ක්‍රීඩාංගනවල ධාරිතාවෙන් සියයට 30 ත් 50 ත් අතර නරඹන්නන් පිරිසක් කැඳවීමයි සැලසුම වන්නේ.

මෙවර අයි පී එල් තරඟමාලාව ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.