IPL සැප්තැම්බර් 19 වනදා සිට ?

2020-07-24 at 17:45

මෙවර අයි පී එල් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තිරණය කර තිබෙනවා.

නොවැම්බර් 8 වනදා අවසන් මහා තරඟය පැවැත්වීමයි සැලසුම වන්නේ.

ඉන්දීය රජයේ නිල අනුමැතිය ලැබුණු වහාම ඉදිරි කටයුතු ප්‍රකාශයට පත් කරන බව අයි පී එල් පාලක සභභාවේ සභාපති බි්‍රජෙෂ් පටේල් මහතා ප්‍රකාශ කළා.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතවු තිබු අයි පී එල් තරඟමාලාව කල් දමනු ලැබුවේ කොරෝනා වසංගතය හේතුවෙනුයි.