PHOTOS : මෙරට නිෂ්පාදිත වෛද්‍ය සහායක රොබෝ යන්ත්‍රයක් අග්‍රාමාත්‍යවරයාට

2020-04-29 at 19:45

වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් අද (2020.04.29) පෙරවරුවේ විජේරාමයේ පිහිටි නිළනිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසින් සකස් කරනු ලැබූ මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකියාව තිබේ.

ඊට අමතරව සිංහල සහ ඉංග්‍රීසි කතා කිරීමට ද තේරුම්ගැනීමට ද හැකියාව ඇත.

මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහායට යෙදවීම පිළිබඳව අදාල අංශ වෙත යොමු කිරීමට නියමිතය.

වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් අද (2020.04.29) පෙරවරුවේ විජේරාමයේ පිහිටි නිළනිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනු ලැබීය.

Posted by Rhythm World News on Wednesday, 29 April 2020