PHOTOS: PCR පරීක්ෂණ සිදුකල හැකි ගිලන් රථයක්

2020-05-05 at 11:20

කොරෝනා රෝගීන් හදුනා ගැනීම අවෙනුවේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකිරීම සදහා සක සහිත පුද්ගලයින් සිටින ස්ථානයටම ගොස් එම පරීක්ෂණය  සිදුකල හැකි ආකාරයෙන් ගිලන්රතයක් නවීකරණය කරීමට හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අනුග්‍රහයෙන් හම්බන්තොට මහරෝහලේ හෙද නිලධාරිවරයෙකු සහ තවත් කාර්මික ශිල්පින් දෙදෙනෙකු සමත්වී තිබෙනවා .

 පසුගිය කාලය තුලදී කොරෝනා සක සහිත පුද්ගලයින් පරික්ෂා කිරීම සදහා ගිලන්රතයක්  යොදා ගනිමින් ඔවුන් හම්බන්තොට කොරෝනා රෝගී පරීක්ෂණ සේඉදුකරන වාට්ටුව වෙත වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලැබුවත් මෙම නවීකරණය කරන ලද ගිලන්රතය හේතුවෙන් ඒ ආකාරයෙන් අනවශ්‍ය ආකාරයෙන් කොරෝනා සැකසහිත ,මෙන්ම කොරෝන රෝගීන් සමාජයට නිරාවරණය විමන මෙන්ම ඒ සදහා ගිය අමතර වියදම්ද අඩුකරගැනීමට හැකිවී තිබේ .

  විශේෂයෙන්ම කොරෝනා සැක  සහිත රෝගියෙකු පරික්ෂා කිරීමේදී අදාළ සෞඛ්‍ය නිලධාරීන්  විශේෂ ඇදුම් කට්ටල බාවිතයට ගත යුතු වුවත් මෙම ගිලන්රතය නිර්මාණය  කර තිබෙන ආකාරය නිසා ඒ ආකාරයෙන් එම ඇදුම් කට්ටල සදහා යන අමතර මුදලද ඉතිරි කර ගත හැකිබව හම්බන්තොට දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා  වෛද්‍ය ඒ .ටි ,එම .ඩි ,පටබැදිගේ  මහත්මීය පවසා සිටි

 එමෙන්ම පසුගිය දිනයන්හි කොරෝනා රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදුකිරීමේදී එක් වරකට එක් පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට සිදිවිම නිසා ඒ යට දිස්ත්‍රික්කයේ තිබෙන ගිලන්රථ භාවිතයට ගැනීමට සිදුවීම නිසා යම් යම් ගැටළුද අපට ඇතිවුනා ඒ නිසා මේ සම්බන්ධයෙන් අපගේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අසාධන පාලන හෙද නිලධාරී මඩුක එගොඩ වත්ත මහතාට කල යෝජනාවකට අනුව සමීපතම ආශ්‍රිතයන්ගේ නිවෙස් කරා ගොස් PCR පරීක්ෂණ සදහා නියැදි ලබා ගැනීමේ හැකියාව තිබෙනවාද යන්න සොයා බලං ලෙස කල ඉල්ලිමක අනුව රුපියල් 85000ක් වැනි මුදලකට මෙය නිරමන්ය කරදීමට එම හෙද නිලධාරී වාරයත් තිස්සමහාරාමයේ  කාර්මික  ශිල්පින් දෙදෙනෙකු වන ප්‍රසන්ත මහතත් අමිල මහතාත් මේ සදහා දායකත්වාට්‍ය දෙමින් තිස්සමහාරාම මුලික රෝහලේ ගිලන් රථයක් නවීකරණය කල බව  හම්බන්තොට දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා  වෛද්‍ය ඒ .ටි ,එම .ඩි ,පටබැදිගේ  මහත්මීය පවසා සිටි

 මෙය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම මෙම ගිලන්රත්යගොස් එම පරීක්ෂණ සිදුකරගැනීමේ හැකියාව මේ වනවිට ඇති කර තිඑබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා  වෛද්‍ය ඒ .ටි ,එම .ඩි ,පටබැදිගේ  මහත්මීය පවසා සිටියේය.