T20 ලෝක කුසලාන සිහින බොඳවන ලකුණූ

2020-05-23 at 17:04

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව කල් දැමීමට සිදු වනු ඇතැයි ඔස්ටේ්‍රලියා ප්‍රවීණයින් මත පල කරනවා.

කොරෝනා වසංගතය හමුවේ නිර්මාණය වී ඇති වාතාවරණය මත තරඟමාලාය පැවැත්විය නොහැකි බවයි ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රිකට් නායකයෙකු වන ඉයන් චැපල් පෙන්වා දෙන්නේ.

අවශ්‍යනම් එම කාලසීමාවේදී අයි පී එල් තරඟමාලාව වැවැත්විය හැකි බව ඔහු සඳහන් කරනවා.

ඔස්ටේ්‍රලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මාර්ක් ටේලර් පවසන්නේද මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව සැලසුම් කළ පරිදි පැවැත්වීම දුශ්කර බවයි.